Tuesday, October 22, 2019

කිරම දරුවාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක් පරීක්‍ෂණවලින් හෙළිවේ

 කිරම දරුවාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක් පරීක්‍ෂණවලින් හෙළිවේ 

කටුවන මුරුතවෙල ගෙදර, පුවක්ගස්ආර කිරම ප‍්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි වයස අවුරුදු 13 ක දරුවාගේ මරණය ගෙල සිරකර සිදු කරන ලද මිනී මැරුමක් බව පෙරේදා (20 දා) ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛiවරයා විසින් නිගමනය කර ඇත.


දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක 13 හැවිරිදි නඳුන් නෙත්සරණ ඩයස් ගුණවර්ධන නමැති දරුවා අභිරහස් ලෙස නිවසේ
ජනේලයේ එල්ලී මියගොස් සිටියදී පෙරේදා උදෑසන 10.00 ට පමණ සිරුර හමු වී තිබුණි.


කටුවන පොලිසිය විසින් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකර වලස්මුල්ල අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අධිකරණ වෛiවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී සිදු කළ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී දරුවාගේ ගෙල සිරකර සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී දරුවාගේ ඥාතියකු බව කියන මහියංගනය ප‍්‍රදේශයේ සිට පැමිණි 22 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කර පැය 24 ක රැඳවුම් නියෝග මත වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු දේහය ඥාතීන්ට භාර දී ඇති අතර කටුවන පොලිස් ස්ථානාධිපති සුදත් සුදසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් සේනාධීර මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.

චමින්ද සිල්වා

No comments:

Post a Comment