Wednesday, October 23, 2019

සම්බන්ධන් සහ රනිල් කොළඹදී හමුවූ බවට වාර්තා

 දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හා ‍එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ජාවක් කොළඹදී පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසනවා.

රාත්‍රි කාලයේ සිදුව ඇති මෙම සාකච්ඡාව පෙරේදා දිනයේ (21)සිදුව ඇති බවටද වාර්තා වුණා. මෙම හමුව පිළිබඳව තොරතරු උතුරේ දෙමළ මාධ්‍යද විශේෂ අවධානයක් දෙමින් වාර්තා කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා කොට ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බවට සම්බන්ධන් මෙහිදී ඉල්ලීම් කොට ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළ බවයි nethnews.lk වාර්තාකරු පෙන්වා දෙන්නේ.

සම්බන්ධන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය මෙම සතිය අගදී ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින බවද දෙමළ සන්ධාන ආරංචි මාර්ගවල සඳහන් බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

No comments:

Post a Comment