Tuesday, October 22, 2019

ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?

ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?

මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී ඊයේ (21) දින හමු වූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පල කර සිටියි.



ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරමින් සිටින අවස්ථාවේදී මෙම යකඩ පෙට්ටියක් හමු වී ඇති අතර පසුව එය පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම පෙට්ටිය පරික්ෂා කරනු ලැබීය.

එහිදී යකඩ පෙට්ටියේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පළඳින නිලඇඳුම් කිහිපයක් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා එම සංවිධානයේ යුද ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝපටයක්ය.

යුද සමයේදී නිඇඳුම් ආරක්ෂා කිරීම සඳහා මෙලෙසින් යකඩ පෙට්ටියකට දමා වලදමා ඇත්තේ කොටි සංවිධානයේ නායකයෙකු පරිහරනය කරන ලද නිඳුම් විය හැකි බවටත් එය ප්‍රභාකරන්ගේමදැයි සැකයක් පවතින බවට ආරක්ෂක අංශ වැඩ දුරටත් කියා සිටි අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment