Wednesday, October 23, 2019

පලාලි ගුවන්තොටේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දා ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපළට ද බලපා ඇති අතර නැවත පිළිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.

කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බව ගුවන්තොටුපලේ බලධාරීහු පවසති.
පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියහ.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ද ඒ සඳහා ආයෝජනය කර ඇත.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment